Wednesday, September 4, 2013

samsung සමාගමේ ප්‍රථම smartwatch එක

Samsung සමාගමේ ප්‍රථම smartwatch එක “galaxy gear” නිළ වශයෙන් හදුන්වා දෙයි !


        samsung galaxy gear trickslanka Samsung සමාගමේ ප්‍රථම Smartwatch එක Galaxy Gear නිළ වශයෙන් හදුන්වා දෙයි !

Samsung Unpacked event එක තුලදී මීට පැයකට පමණ පෙර Samsung සමාගමේ නවතම පැළදිය හැකි device එක මෙන්ම සමාගමේ පළමු Smartwatch එක “Samsung Galaxy Gear” නමින් නිළ වශයෙන් හදුන්වාදෙනු ලැබුවා. මෙම Smartwatch එක පැමිණෙන්නේ 320×320 pixels resolution එකක් සහිත අගල් 1.6 ක Super AMOLED display screen එකක් සමගයි. ඒ වගේම මෙම Samsung Galaxy Gear Smartwatch එකෙහි BSI sensor හා auto-focus lens සහිත 1.9 MP කැමරාවක්ද අන්තර්ගතයි. මෙම කමරාවෙහි සහය ඇතිව පින්තූර ලබාගැනීමට මෙන්ම තත්පර දහයක 720P videos පවා record කිරීමට මෙම smartwatch එකට හැකියාව තිබෙනවා.
ඒ වගේම මෙම Smartwatch එක සදහා Evernote, Path, RunKeeper, MyFitnessPal හා eBay වැනි ජනප්‍රිය apps ඇතුළුව හවුල් කරුවන් 70 කගේ apps මේ වන විට නිකුත් කර ඇතිබව Samsung සමාගම නිවේදනය කර සිටියා.
කෙසේ නමුත් මේ වන විට මෙම Samsung Galaxy Gear Smartwatch එක සහය දක්වන්නේ නවතම Galaxy Note 3 හා Galaxy Note 10.1 යන device සදහා පමණයි. කෙසේ නමුත් ඉදිරියේදී නිකුත් කරන Android 4.3 මෙහෙයුම් පද්දතියේ update එකත් සමග මෙම Smartwatch එක galaxy S4 හා Note 2 සදහා සහය දක්වනු ඇතිබව තවදුරටත් Samsung සමාගම පවසා සිටියා.
තවත් විස්තර බලාපොරෝත්තු වන්න....................

0 comments:

Post a Comment